11 වන පාඩම(if else ගැන දැනගන්න පෙර දැනගතයුතු operators)
මෙන්න
මේ operator ටික බලන්න.මේව පවිච්චි කරන විදිය ඉදිරියෙදි කියන්නම් if-else
condition ගැන කියනකොට.
==
මේකෙන් කරන්නෙ වැලියු 2ක් සමානද කියල හොයනෙක.
!=
මේකෙන් කරන්නෙ වැලියු 2ක් අසමානද කියල හොයනෙක.
>
මේකෙන් කරන්නෙ වැලියු 2න් එකක් අනෙකට වඩා විශාලද
කියල හොයනෙක
>=
මේකෙන් කරන්නෙ වැලියු 2න් එකක් අනෙකට වඩා විශාල
හෝ සමානද කියල හොයනෙක
<
,<= කියන විදියටත් යොදාගන්න පුලුවන්.
&&
මේක උදව් වෙනව condition 2ක්
හෝ වැඩිගානක් තියනකොට ඒ සියල්ල සත්‍යද බලන්න.
||
මේක උදව් වෙනව condition 2ක්
හෝ වැඩිගානක් තියනකොට ඒ සියල්ලෙන් එකක් හෝ වැඩිගානක් සත්‍යද බලන්න.
|
කියනෙකත් || වගෙ පෙනුනට මේක වෙනස් || වලින් .ඒ වගෙම & කියනෙකත් && වලින්
වෙනස්.දැනට මෙහෙම එකක් තියනව කියල දැනගන්නකො.
ඒ
වගෙම ! එකෙන් නැත යන අදහස දෙනව.
මේ
ටික තමයි ජාවා වල ගොඩක් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ condition check කරනකොට.
If-else,
while loops,for loops කියනේවත්
එක්ක මේ operators ගොඩක්
සම්බන්දයි.
ඊලග
පාඩම් වලදි බලමු ඒ ගැන එකින් එක.
.
No comments:
Post a Comment