Wednesday, June 8, 2016

ජාවා කෝඩින් අරබමු

දෙවන පාඩම 
මුලින්ම බලමු කොහොමද ජාවා ෆයිල් එක සේව් කරගන්නෙ කියල.
මෙන්න සාම්පල් කෝඩ්  එක.

public class SayHello
 {
public static void main(String[] args) 
{
System.out.println("Hello");
}
}

මන් කොල පාටින් සිලෙක්ට් කරල තියන නමින්ම තමයි ජාවා ෆයිල් එක සේව් කරල තියෙන්නෙ.
ඒ කියන්නෙ SayHello.java තමයි ෆයිල් නේම් එක.පොඩ්ඩක් බලමුද මේ කෝඩ් එකේ තේරුම.
මෙතන .java කියන්නෙ ෆයිල් එක්ස්ටෙන්ශන් එක.ජාවා සේව් කරනකොට මේ විදියට සේව් කරන්න මතක තියාගන්න.

public-මෙකෙන් කියන්නෙ මේ ක්ලාස් එකට ඕනම ක්ලාස් එකක් මගින් ඇක්සස් වෙන්න පුලුවන් කියල.
main method එක තියන ක්ලාස් එක අනිවාර්යෙන් පබ්ලික් වෙන්න ඕනි.
class කියල කිව්වම ඊලගට ක්ලාස් නේම් එකක් තියෙන්න ඕනි.
ක්ලාස් නේම් එක අපිට කැමති නමක් යොදගන්න පුලුවන්.ඒත් ඒ නම 1-9 සහ ස්පෙශල් චැරැක්ටර් එකක් වෙන්න බෑ.
ඒත් _ සයින් එකෙන් නම පටන්ගන්න පුලුවන් කියලත් මතක තියාගන්න.

ඊලඟට තියෙන්නෙ  { සයින් එක.මේ විදියට ඕපන් කරාම අවසානයේ ක්ලෝස් කරන්නත් ඕන } මේ විදියට.


ඊලගට තියෙන්නෙ main method එක.කෙටියෙන් කිව්වොත් ඒ මෙතඩ් එකත් පබ්ලික් වෙන්න ඕනි.
ඒ වගේම static කියන්නේ අපිට ක්ලාස් එකේ ඉන්ස්ටන්ස් එකක් නැතුව මේක ඇතුලේ කෝඩ් එක රන් කරන්න පුලුවන් .මේකෙන් කිසිම වැලියු එකක් රිටන් කරන්නෙ නෑ( void).අපි මෙකෙදි ස්ට්‍රින්ග් ආර්ගියුමෙන්ට්ස් තමයි පාර්ස් කරන්නෙ.((String[] args) ). 


දැන් බලමු මොකක්ද මේ System.out.println("Hello");
මේක ජාවා ස්ටේට්මන්ට් එකක්.ස්ටේට්මන්ට් එකක් අවසන වෙන්නෙ සෙමි කෝලොන් එකෙන්.
මේ System.out.println(); කියන එකෙන් වෙන්නෙ ප්‍රින්ට් එකක් දෙන එක.ඇතුලෙ මොකුත්ම නැතුව ප්‍රින්ට් කරොත් ලයින් එකක් පහලට යනව.
System.out.print(); 
කියල කෝඩ් කරල බැලුවොත් පෙනෙයි ස්පේස් එකක් එහාට  යනව.
 System.out.print("Hello");
මේක මේන් මෙතඩ් එක ඇතුලෙ තියන කෝඩ්  එකට සමාන අවුට්පුට් එකක් දුන්නට වෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.
" " පාවිච්චි කරල තියෙන්නෙ ස්ට්‍රින්ග් ප්‍රින්ට් කරන හන්ද.

මේව බලන්න අපි මෙ ප්‍රෝග්‍රෑම් එක රන් කරන විදිය බලමු.

 මුලින්ම notpad++ එකේ  මුලින් කිව්ව විදියට මෙ ප්‍රොග්‍රෑම් එක සේව් karanna.
දන් ස්ක්‍රීන් ශොට් එකෙ විදියට කොමාන්ඩ් ප්‍රොම්ට් එක ඔපන් කරන්න.
මුලින්ම 
javac SayHello.java
මෙහෙම ටයිප් කරල එන්ටර් කරාම එරර් එකක් ආවොත් කෝඩ් එකේ අව්ලක් වෙලා ඇති.අව්ලක් නැතිව කම්පයිල් කරගන්න හරියට සාම්පල් කෝඩ් එක බලල ට්‍රයි කරන්න.මෙතනදි වෙන්නෙ අපෙ ෆයිල් නේම් එකට අදාලව ක්ලාස් ෆයිල් එක හැදෙන එක. 
දැන් 
java SayHello කියල ටයිප් කරල එන්ට කී ප්‍රෙස් කරන්න.
දැන් පේනවද
Hello  කියල අවුට්පුට් එක ආව.
මෙතනදි වෙන්නෙ අපෙ ක්ලාස් ෆයිල් එක රන් වෙන එක.

main method  ඇතුලෙ පහල ස්ටේට්මන්ට් ට්‍රයි කරල බලන්න.

        public class SayHello
 {
public static void main(String[] args)
{
System.out.println("Hello "+" world");
System.out.println("1 "+" 2");
System.out.println(12);
System.out.println(1+2);
System.out.println(""+1+2);
System.out.println(1+2+"");
System.out.println(1+2*5);
System.out.println(12/5);
System.out.println(12/5.0);

System.out.print("hello ");
System.out.print("world ");

System.out.println("hello");
System.out.println("world");

}
}


හැම වෙලවෙම සේව් කරල තමයි කම්පයිල් කරන්න ඕනි.නැත්නම් එරර් පෙන්නයි.
බලන්න මේ විදියට අවුට්පුට් ආවද කියල.

Hello  world
1  2
12
3
12
3
11
2
2.4
hello world hello
world

මේ ස්ටේට්මන්ට් වෙනස් කර කර අවුට්පුට් එක්ක සසඳල බලන්න.මොකක්ද
System.out.print();
System.out.println(); කියන ස්ටේට්මන්ට් වල වෙනස තේරෙයි.

වැඩිදුරටත්
System.out.println("my name \n nalaka");
System.out.println("my name \n\n nalaka");
System.out.println('a')
System.out.println("my name \t nalaka");;


No comments:

Post a Comment