Wednesday, June 8, 2016

පලමු පාඩම 

මුලින්ම කල යුත්තේ ජාවා  ඉන්ස්ටෝල් කර ගැනීම.මේ ලින්ක් එකෙන් ඩ්වුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.www.oracle.com

Jdk එක ඩවුන්ලෝඩ් කරගන්නෙක තමයි මම යෝජනා කරන්නෙ.බේසික් එක හොඳට තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ මුල ඉදන්  තමන්ම  කෝඩ් ලියනකොට.නෙට්බීන්ස් පාවිච්චි කරන්න කැමතිනම් ඒක ඩවුන්ලෝඩ් කරගන නෙට්බීන්ස් පවිච්චි කරන්න පුලුවන් කෝඩ් ලියන්න.

මෙම පාඩම් මාලාවේ මම පාවිච්චි කරන්නෙ නෝට්පෑඩ් ++ .Jdk එක ඉන්ස්ටෝල් කරගන නෝට්පෑඩ්++ එකත් ඩවුන්ලෝඩ් කරගන ඉන්ස්ටෝල් කරගන්න.
https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwj-zImw_JjNAhWIOo8KHbW4A20QFggbMAA&url=https%3A%2F%2Fnotepad-plus-plus.org%2Fdownload%2F&usg=AFQjCNFCBJqyIc2YisTG74LS2eSZnUZ2Og&sig2=2p_a-LT7iupGlLI21lCEwQ



ඊලඟට ජාවා පාත් එක සෙට් කරන්න තියෙන්නෙ.
ඒකට my computer රයිට් ක්ලික් කරල properties   යන්න.ඒකෙ තියන
advance system setting යන්න.ඒකෙ තියන
environment variable යන්න.ඒකෙ තියන තොරතුරු වලට හානි නොවෙන විදියට අවසානයෙ සෙමි කෝලොන් එකක් දාලා ;  ජාවා බින්   එකේ පාත් එක දෙන්න.
පාත් එක හොයාගන්න ජාවා ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එක බලන්න.

ජාවා ඉන්ස්ටෝල් වෙලාද කියල දැනගන්න කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඔපන් කරල  javac කියල ටයිප් කරාම ලිස්ට් එකක් එයි.එහෙම එන්නෙ නැත්නම් ජාව ඉන්ස්ටෝල් කරනකොට මොකක් හරි අවුලක් වෙලා නම් අපහු ට්‍රයි කරල හරි ගියේ නැතොත් කියන්න.

No comments:

Post a Comment