Friday, June 10, 2016

සිව්වන පාඩම 


වේරියබල්   ගැන තවදුරටත්.
අපි ස්ට්‍රින්ග් හදුන්වන කොට අනිවාර්යෙන්ම "" පාවිච්චි කරන්න ඕනි.

String firstOne="my name";
String second="my name";
මේ වගෙ වැලියු එකක් තව ස්ට්‍රින්ග් එකකට asign කරගන්නකොට මේ විදියට කරන්න.
String firstOne="my name";
String second=firstOne;
මෙතනදි දෙඅවන වේරියබල් එකට "my name" කියන වැලියු එක asign  වෙනව.
මුල් වේරියබල් එකට කිසිම බලපෑමක් නෑ මෙතනදි.


අපිට වේරියබල් දෙකක  වැලියු දෙකක් swap කරගන්නකොට මේ දැනුම වදගත් වෙනව.
හිතමු මෙහෙම.
String firstOne="my name";
String second="your name";
මේ වේරියන්බල් වල වැලියු මාරුකරනවනම් මෙහෙම කරන්න පුලුවන්.
String temp=firstOne;
firstOne=second;
second=temp;

ඔයාල මේ  ස්ටේට්මන්ට් මෛන් මෙතඩ් එකෙ ටයිප් කරල කම්පයිල් කරල රන් කරල බලන්න.
int ,double,long වගෙ අනෙක් ඒවත් මේ විදියට ස්වැප් කරන්න පුලුවන්.


ඉන්ටීජර් හදුන්වනකොට ඒවගෙ දශම සංක්‍යා එන වැලියු asign   නොවන විදියට වග බලගන්න.
ex:
int n=81/9.0;
int d=81/9;
int d=47/9;

මෙතනදි පලවන ස්ටේට්මන්ට් එක වැරදි.දෙවන විදිය හරි.තුන්වන විදියට අනුව  උත්තරෙ එන්නෙ 5.එතනදි වෙන්නෙ 45 බෙදපුවම assign වෙන්නෙ remainder එක ගත්තම එන අගය අඩු වෙලා.මේකට ජාවා වල casting වෙනව කියල කියනව.
මේ වගෙ පුන්චි වැරදි නොදැනුවත්වම වෙන බව මතක තියාගන්න.
long උනත් මේ වගෙ තමයි.

char හදුන්වනකොට ' ' තමයි පාවිච්චි වෙන්නෙ." " යෙදුවොත් වැරදි.


මේ සේරමත් එක්ක ගත්තම මේවගෙන් int,double,long ,float char කියන ඒව primitive types කියල  කියනව.reference type තමයි අනෙක් වර්ගය.ඒව ඉදිරියේදි බලමු.


දැන් int,double,long ,float කියන ඒවගෙ පරාසයක් තියනව කිව්වනෙ.ඒ පරාසයෙන් එහා වැලියු ඕනි උනොත් මොනාද කරන්නෙ කියල හිතෙනව ඇති.

ඒකට අපි පාවිච්චි කරන්නෙ
BigInteger සහ BigDecimal.ඒව අපි ඉදිරියෙදි කතාකරමු ඒව කොහොමද යොදාගන්නෙ කියල.


No comments:

Post a Comment