Saturday, July 2, 2016

(if,if-else,nested if else)(part-1)

12 වන පාඩම(if,if-else,nested if else)(part-1)
1.if
2.If-else
3.if else-if
4.nested if else
මෙන්න මේ විදි වලින් තමයි if-else බාවිත වෙන ක්‍ර.  මුලින්ම බලමු if condition වල structure එක.if  කියල ලියනකොට simple අකුරු  .
if(condition)
{

}
මෙතනදි තමයි කලින් lesson එකේ දැනුම ඕනි වෙන්නෙ.මෙතන condition කියන තැන අපේ check කරන condition එක.ඒ condition එක සත්‍ය උනොත් විතරයි වරහන් ඇතුලට යන්නෙ,ඒ කියන්නෙ වරහන් අතුලෙ statement වැඩ කරන්නෙ.class name එක ifelse .මතක තියාගන්න ක්ලාස් name දෙනකොට keyword use නොකර class name දෙන්න.java  if කියනෙකයි,else  කියනෙකයි වෙන වෙනම ගත්තොත් keyword.මෙතනදි class name එක keyword එකක් නොවෙන විදියට තමයි ලියල තියෙන්නෙ.

public class ifelse
 {
            public static void main(String[] args)
            {
                        if(true)
                        {
                        System.out.println("inside if1");
                        }
            }
}
දැන් ඔයාලට පේනව ඇති. ඇතුලෙ තියන statement එක run උනා.ඇතුලෙ statement ගොඩක් යොදල run කරල බලන්න.සේරම වැඩකරයි.
දැන්
                        if(false)
                        {
                        System.out.println("inside if2");
                        }
මේකෙදි කවදාවත් ඇතුලෙ statement එක run වෙන්නෙ නෑ.

If  condition එකේ structure එක පහල විදියට යොදාගන්න පුලුවන් ඇතුලෙ run කරන්නෙ එක statement එකක් විතරයි නම්  .
if(true)System.out.println("inside if1");
දැන් ඒක තෙරුම්ගන්න පහල code එක බලන්න.
if(false)System.out.println("inside if1");
System.out.println("outside if");

ඔයාලට output එක ලැබෙයි outside if කියල.මෙතනදි වෙන්නෙ  System.out.println("inside if1");කියන statement  එක if condition එකට අදාල වෙන නිසා.
boolean  a=true;
if(a)System.out.println("a is true");

ඔයාල a වලට false දාල බලන්න.ඇතුලෙ statement  එක run වෙන්නේ නෑ එතකොට.
පහල code එක if වල  {} නැතුවත් try කරන්න.
public class ifelse
 {
            public static void main(String[] args)
            {
                        int a=5;
                        int b=6;
                        if(a==b){System.out.println("equal");}
                        if(a<=b){System.out.println("a less than   or equal to b");}
                        if(a>b){System.out.println("a greater than or equal to b");}
                        if(a<b){System.out.println("a less than b");}
                        if(a>b){System.out.println("a greater  than b");}
                        if(a!=b){System.out.println("not equal");}
            }
}
පේනවද කලින් lesson එකේ ඉගනගත්ත ඒව යොදාගත්ත විදිය.
ඔයාලට මේ output එක එනවද කියල බලන්න.
a less than   or equal to b
a less than b
not equal
<= එකේදි අඩුයි හෝ සමානයි අවස්තාව සත්‍ය වෙන නිසා තමයි output එක එන්නෙ.
දැන් a ,b වල අගයන් සමාන අගයන් දීල නැවත run කරල බලන්න.
equal
a less than   or equal to b
මේක තමයි output එක.
මේ විදියට double,long,float වලටත් try කරන්න.string වලට උත්සාහ කරන්නෙපා.error එයි.string වලට  වෙන method තියනව ඉදිරියේදි කියන්නම්.
දැන් Boolean වලට බලමු.
boolean  a=true;
                        boolean  b=false;
                        if(a==b){System.out.println("equal");}
                        if(a!=b){System.out.println("not equal");}
                       
මෙතනදි Boolean චෙක් කරන්න පුලුවන් ඔය ක්‍රම වලට විතරයි.< ,> ඒව යොදාගන්න බෑ.
char වලට වැඩ කරන විදියත් කියන්නම්.මෙතනදි වැදගත්ම දේ තමයි එක එක character එකට අදාල ascii වැලියු එක ඒ අගය තමයි check වෙන්නෙ.
A සිට Z වෙනකන් අගයන් 65 සිට  90
a සිට z වෙනකන් අගයන් 97 සිට  122
ඉලක්කම් වලටත් ඒ කියන්නෙ 0-9 වෙනකන් අගයන් වලටත් මෙහෙම තියනව.
=    *  -  + වලටත් මේ අගයන් තියනව.
වැඩි විස්තර google කරල බලන්න.දැන් බලමු code එක.
if('a'<'b'){System.out.println("1.a less");}
                        if('a'>'b'){System.out.println("2.a greater");}
                        if('a'=='b'){System.out.println("3.equal");}
                        if('4'<'b'){System.out.println("4.less");}
                        if('+'<'-'){System.out.println("5.less than");}


මන් අංක දාල තියන්ව statement වලට අදුරගන්න ලේසි වෙන්න.
1,4,5 statement වල output එයි පහල විදියට.
1.a less
4.less
5.less than
ඊලග lesson එකෙන් if වලින් වැඩි කොන්ඩිශන් ගානක් එක්ක වැඩ කරන විදිය බලමු.





No comments:

Post a Comment