Wednesday, July 6, 2016

13 වන පාඩම(&&,&,|,|| ) (if,if-else,nested if else)(part-2)

13 වන පාඩම(&&,&,|,|| ) (if,if-else,nested if else)(part-2)

දැන් බලමු condition වැඩි ගානක් තියනකොට කොහොමද if condition එක තුල බාවිත කරන්නෙ කියල.
මුල්ම විදිය මේක.
if(condition && condition)
{
}

දෙවන විදිය මේක.
if(condition & condition)
{
}


මෙතනදි condition දෙකම සත් උනොත් තමයි වරහන්  ඇතුලට යන්නෙ. බලන්න පහල code එක.
public class ifcon
 {
            public static void main(String[] args)
            {
                        boolean a=true;
                        boolean b=true;
                        if(a&&b)
                        {
                        System.out.println("both a and b true");
                        }
                        if(a&b)
                        {
                        System.out.println("both a and b true");
                        }
            }
}
Output එක එයි
both a and b true
both a and b true කියල.

&& වල විශේශත්වය තමයි මේ.& use  කරත් idea එකම එනව.ඒත් පොඩි වෙනසක් තියනව මෙතන.&& වලදි පලවෙනි condition එක false වෙන අවස්තාව හිතමු.එතනදි  දෙවනි condition එක check කරන්නෙ නෑ true false කියල.නමුත් & වලදි පලවෙනි condition එක false උනත් දෙවනි condition එකත් check කරනව හැම වෙලාවෙම.
මෙන්න තව විදියක්.
if(condition || condition)
{
}
if(condition | condition)
{
}
බලන්න පහල code එක.

boolean c=false;
                        boolean d=true;
                        if(c||d)
                        {
                        System.out.println("c or d true");
                        }
                        if(c|d)
                        {
                        System.out.println("c or d true");
                        }

මෙතනදි output එක
c or d true
c or d true

|| වලදි පලවෙනි condition එක true වෙන අවස්තාව හිතමු.එතනදි  දෙවනි condition එක check කරන්නෙ නෑ true false කියල.නමුත් | වලදි පලවෙනි condition එක trueඋනත් දෙවනි condition එකත් check කරනව හැම වෙලාවෙම.

|, || වෙනස මන් array lesson එකෙදි example එකක් පෙන්වන්නම්  වෙනස පැහැදිලි වෙන විදියට.දැනට පහල code ට්රයි කරල බලන්න.

if((7>6) &&(10>3))
                        {
                        System.out.println("condition true");
                        }

මේකත් බලන්න

                        int a=2;
                        double b=7;
                        if((b>a))
                        {
                        System.out.println(b/a);
                        }
මෙතනදි a වලට 0 assign කරන්නෙපා.මොකද  0 න්  බෙදුවම අනන්තයයිනෙ.අනික  runtime error එකක් එනව java වල 0 බෙදීමකදි .   error එක වලක්වන්න තමයි හදන්නෙ දැන්.

                                int a=2;
                                double b=7;
                                if((a>0)&&(b>a))
                                {
                                System.out.println(b/a);
                                }
දැන් a වලට 0 අවොත්  බෙදීම වෙන්නෙ නෑනේද.
මේ වගෙ condition දාල තවත් operation කරමු if-else යොදාගෙන ඊලග lesson එකේදි.

දැන් condition තුනක හෝ  ඊට වැඩි ගානක condition සමග code ලියල බලන්න.



No comments:

Post a Comment