Thursday, July 28, 2016

break & continue

17 වන පාඩම(break,continue)
Break කියන keyword එක ජාවා වලදි යොදාගන්නව loop වලදි loop break කරන්න.
පහල code එක main මෙතඩ් එකේ type කරල රන් කරල බලන්න programe එක.
int i=0;
            while(i<5)
            {
            System.out.println(i);
            if(i==3)break;
            i++;
            }
මෙතනදි වෙන්නෙ i=3 අවස්තාවෙදි loop එක නතර වෙන එක.break උනාම while-loop ඇතුලෙ ඊට පහලින් තියන statement  වැඩ කරන්නෙත්  නෑ.while-loop එකත් එතනින් නතර වෙනව.for-loop,switch-case වලටත් මෙහෙම යොදාගන්න පුලුවන්.
ඉහත code එකේ output එක
 1
 2
 3  කියල එන්න ඕනි .
ඊලගට බලමු continue කියනෙක ගැන.
int i=0;
            while(i<5)
            {
           
            i++;
            if(i==3)continue;
            System.out.println(i);
            }
මෙත්නදි i=3 වෙන අවස්තාවෙදි while –loop එක තුල ඊලගට තියන පහල statement මගහැර යනව.හැබැයි loop එක නතර වෙන්නෙ නෑ.
1
2
4
5 කියල output එක එයි.

දැන් හිතන්න for-loop එකක් ඇතුලෙ  තව  for-loop එකක් තියනකොට break statement එක දැම්මොත් මොනව වෙයිද කියල.
එතනදි break වෙන්නෙ එක for-loop එකයි .
            for(int i=0;i<5;i++)
            {
                        for(int k=0;k<5;k++)
                        {
                                   
                                    System.out.print(k);
                        }System.out.println();
            }
නොර්මල් විදියට print කරොත් මේ code එක වගෙ
01234
01234
01234
01234
01234
කියල එනව.i=3 නම් අතුලෙ loop එකට break එකක් දාමු.
for(int i=0;i<5;i++)
            {
                        for(int k=0;k<5;k++)
                        {
                                    if(i==3)break;
                                    System.out.print(k);
                        }System.out.println();
            }

දැන් output එක
01234
01234
01234

01234
ලෙස එනව.තුන්වන පේලියෙන් පස්සෙ empty line  එකක් එනව.i=3 ඇතුලෙ loop එක විතරක් නතරවෙනව.එතකොට පිටින් තියන System.out.println(); එකෙන් තමයි empty line  එකක් එන්නෙ.i=4
දි නැවත 01234 එනව.

තව විදියක් තියනව loop break කරන.එතනදි වැඩි ලෝප් ගානක් එකපාර break කරන්න පුලුවන්.
nalaka:
            for(int i=0;i<5;i++)
            {
                        for(int k=0;k<5;k++)
                        {
                                    if(i==3)break nalaka;
                                    System.out.print(k);
                        }System.out.println();
            }
මෙතන highlight කරපු වචනෙ වෙනුවට වෙන ඕනම වචනයක් දෙන්න keyword හැර.මෙතනදි nalaka කියනෙක define කරපු තැනට යනකන් තියන for-loop break වෙනව.


No comments:

Post a Comment