Monday, July 11, 2016

if condition ලේසි කරගන්න

14 වන පාඩම(if,if-else,nested if else)(part-3)


හිතල බලන්න if condition එක යොදගන්නකොට එහි condition එක අසත්‍ය වන අවස්තාවක්.මේ වෙලාවට තමයි else part එක යොදගන්නෙ.
if(5>6) System.out.println("a>b");
if(5<=6)System.out.println("a<=b");

මේ condition දෙක if-else යොදගෙන ලේසියෙන්ම කරන්න පුලුවන්.

        int a=5;
int b=6;
if(a>b)
{
System.out.println("a>b");
}
else 
{
System.out.println("a<=b");
}

මෙතනදි අපිට condition එක නැවත type කරන්න අවශ්‍ය නෑ.
boolean c=true;
if(c)
{
System.out.println("true");
}
else 
{
System.out.println("false");
}
කලින් විදියටම example  ටික කරල බලන්න.

nested if-else කියන්නෙ if-else condition ඇතුලෙ  නැවත if-else condition යොදගන්නකොට.
        int a=8;
int b=6;
int c=7;
if(a>b)
{
if(c>b)
{
System.out.println("a>b");
System.out.println("c>b");
}
else 
{
System.out.println("a>b");
System.out.println("c<=b");
}
}
else 
{
System.out.println("a<=b");
}

මන් පලවෙනි if එක සත්‍ය උනොත් නැවත condition එකක් check කරනව c විශාලද බලන්න b ට වඩා.
output එක මේකද බලන්න.
a>b
c>b


දැන් හිතන්න example එකක් integer අගයක් දුන්නොත් ඒක තියන පරාසය හොයන්න ඕනි.
  • පරාසය 0 ට අඩු.
  •  0-100 අතර
  •   100 ට වැඩි.
මෙතනදි අපිට
1. if වලින් විතරක් හොයන්න පුලුවන්.
2.if-else වලින් කරන්නත් පුලුවන් nested if-else බාවිත කරල.
3.ඊට වඩා ලේසිම විදිය තමයි මේ.

                int a=100;
if(a<0)System.out.println("a<0");
else if(a<100)System.out.println("0<=a<100");
else System.out.println("a>=100");
මෙත්නදි තනි statement තියන නිසා වරහන් අයින් කරල type කරා මම.වැඩි statement  ගානක් තියනවනම් එතනට වරහන් යොදාගන්න.

No comments:

Post a Comment