Tuesday, July 12, 2016

do-while ද ? while ද? for-loop ද?

15 වන පාඩම(for-loop,while loop,do-while loop)
අපිට යම් නැවත   නැවත   සිදු කරන්න ජාවා වල බාවිත කරන සරලම ක්රම 3 තමයි මේ.පහල code main මෙතඩ් එක ඇතුලෙ රන් කරන්න.
පලවෙනියට while loop එක බලමු.
            int i=0;
            while(i<5)




            {
            System.out.println(i);
            i++;
            }
While loop  එකේදි මුලින්ම condition එක  check කරනව.ඒක සත් උනොත් විතරයි loop එක ඇතුලට යන්නෙ.මුලින්ම { ඉදන් } වෙනකන් statement execute වෙනව.නැවත  condition එකට ඇවිත් check කරන්ව.සත් නම් නැවත { ඉදන් } වෙනකන් statement execute වෙනව.මේ විදියට condition අසත් වෙනකන් loop එක දුවනව.
while(true)
{
            System.out.println(0);
            }
මේකෙදි පෙනෙයි දිගටම ප්රින්ට් වෙන්ව පෙනෙයි . Ctrl +C press කරන්න දිගටම රන් වෙන එක නවත්වන්න.

 මේකෙදි වැඩි condition ගානක් එකවර check කරන්නත් පුලුවන් කලින් lesson එකේ වගෙ. වගේම loop එක නවත්වන එක වැදගත්ම දේ.එහෙම නැවැත්තුවෙ නැත්නම් දිගින් දිගටම ඇතුලෙ තියන statement execute වෙනව.මන් highlight කරල තියෙන්නෙ loop එක terminate කරන්න අවශය statement එක.   
 i=5 අවස්තාවෙදි loop එක නතර වෙනව.පහල output එක එනව.
0
1
2
3
4     
          මේකම තමයි do-while  එකෙනුත් වෙන්නෙ.හැබැයි පොඩි වාසියක් තියනව. තමයි පලවෙනි පාරට condition එක check කරන්න කලින් do part එකේ statement execute වෙනව.
int i=0;
            do
            {         
            System.out.println(i);  
            i++;
            }
            while(i<5);

මෙතනදි syntax හරියට type කරන්න.නැත්නම් errors පෙන්නයි.බැලූ බැල්මට while එක වගේමයි නේද .වෙනස අදුරගන්න I වල අගය 6 දීල  බලන්න
int i=6;
            do
            {         
            System.out.println(i);  
            i++;
            }
            while(i<5);
මේකෙදි 6 print වෙනව.ඒත් while loop එකේ මුකුත්ම output  එකක් දෙන්නෙ නෑ නේද.එහෙම වෙන්නෙ do-while වලදි පලවෙනිපාරට condition එක check වෙන්න කලින් do part එකෙ ටික execute වෙන නිසා.
දැන් බලමු for-loop ගැන.
for(int i=0;i<5;i++)      
            {
            System.out.println(i);  
            }.

මෙතනදිත් 0 ඉදන් 4 වෙනකන් output එක එයි.මේකෙදි initialize කිරීම,condition check කරන එක සහ update කිරීම ලේසියෙන්ම කරගන්න පුලුවන් .වැඩි condition ගානක් යොදනවනම් පලවෙනි සහ දෙවනි ; අතරට යොදන්න පුලුවන්,update එක i++ නැතුව i=i+2 වගේ දෙන්නත් පුලුවන්.

මේ loop ඇතුලෙ if condition,operation ,සහ තවත් loop යොදාගෙන වැඩ කරන්න පුලුවන්.එහෙම වැඩ කරනකොට variable scope කියන්නෙ මොකක්ද කියනෙක වැදගත් වෙනව. ගැන බලමු ඊලග lesson එකෙන්.

       

  • පල්වෙනි පාරට condition check නොකර රන් කරන්න ඕනිනම් do-while use කරන්න.
  • counter එකක් එක්ක වැඩ කරන්න තියනවනම්  for-loop use කරන්න.
  • while loop එක boolean condition එක්ක වැඩ කරනකොට හොඳයි.

No comments:

Post a Comment